සහල් සඳහා පනවා ඇති පාලන මිල වෙනස් නොකළහොත් වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය තවදුරටත් උග්‍ර වනු ඇතැයි සහල් වෙළෙඳුන් සහ මෝල් හිමියන් පවසයි.
ඒ අතර පාලන මිල අබිබවා සහල් අලෙවි කරන වෙළෙඳුන්ට පනවා තිබූ දඩය රජය රුපියල් ලක්ෂය දක්වා වැඩිකිරීම හේතුවෙන් තමන් සහල් වෙළෙඳාමෙන් ඉවත්වූ බව තවත් වෙළෙඳුන් පිරිසක් සඳහන් කළේය.
වෙළෙඳපොළ තුළ සහල් වැඩි මිලට අලෙවිවීමත් සමඟ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දෙවැනිදා අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඒ නාඩු සහල් කිලෝවක් රුපියල් 98ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 103ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් නියම කරමින්ය.
ඉන් අනතුරුව හදිසි නීති බලතල යටතේ ප්‍රධාන පෙළේ සහල් මෝල්වල වැටලීම් සිදුකළ පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය 22 වැනිදා පාරිභෝගික කටයුතු පනතට නව සංශෝධන ද ගෙන එනු ලැබීය.
නව නීතියට අනුව පාරිභෝගික අධිකාරී පනත යටතට ගැනෙන වැරදි සම්බන්ධයෙන් රුපියල් දහසක්ව තිබූ අවම දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවුණි.
මෙම පසුබිම තුළ මේ වනවිට වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් ඇතිවී තිබේ.
වෙළෙඳුන් පෙන්වාදෙන්නේ සහල් මෝල් හිමියන් පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් නොකිරීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.
ගැටලුව විසඳීම සඳහා පවතින පාලන මිල වෙනස් කරන්නැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉල්ලා සිටී.
මේ අතර මේ වනවිට වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් පැවතියද දේශීය කිරිපිටි නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ රටට අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කිරීමේ හැකියාව දේශීය සමාගම් සතු බවය.
දේශීය කිරිපිටි ව්‍යාපාරික ආරියශීල වික්‍රමනායක මහතා ඒ බව පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්