ඊයේ දිනයේ පුද්ගලයින් 3,500කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ ඇති අතර එහෙත් සේවාවන් සැපයිය හැක්කේ එක් දිනකට 1,300කට පමණයි
එමනිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට රියදුරු බලපත්‍ර ලබාගැනිම සඳහා අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රියදුරු බලපත්‍ර එක් දින සේවාව යටතේ ලබා ගැනීමේ පහසුකම් වේරහැර කාර්යාලයට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල මගින් ද සලසා ඇති බැවින් සේවාලාභීන්ට එම ස්ථාන වෙත යොමු වීමේ හැකියාව ද පවතිනවා.
සාමන්‍ය සේවාව මඟින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අනෙකුත් සෑම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් හරහාම අවස්ථාව හා පහසුකම් සලසා තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මහජනතාවට දැනුම්දෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ