දකුණු කොරියානු රජය අද (17) හදිසි සෞඛ්‍ය සැලැස්මක් ක්‍රියාත්මක කරමින් දරුණු රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා හදිසි හුවමාරු ප්‍රතිකාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. පවතින වෛද්‍ය පුරප්පාඩු හේතුවෙන් ඇති වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මෙය දියත් කර ඇත. එමෙන්ම දකුණු කොරියාවේ වෛද්‍ය කණ්ඩායම් හෙට (18) පැවැත්වීමට නියමිත දැවැන්ත වැඩ වර්ජනයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම හදිසි පියවර ගත් බව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck-soo මහතා ඊයේ (16) ප්‍රකාශ කර ඇත.
දකුණු කොරියානු රජය පෙබරවාරි මස මුලදී වෛද්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් පුළුල් කිරීමේ සැලැස්මක් ආරම්භ කර තිබේ. ඒ සඳහා දකුණු කොරියාවේ වෛද්‍ය ප්‍රජාව සිය දැඩි විරෝධය පළ කර ඇත. රෝහල් වෛද්‍යවරුන් සහ අභ්‍යාසලාභීන් 10,000ක් පමණ සිය ඉල්ලා අස්වීම් ලිපි ඉදිරිපත් කර ඇති අතර සිය තනතුරු හැර යාම සඳහා වැඩ වර්ජන සිදු කිරීමෙන් එරට රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබා දීමේ දී අවුල් සහගත තත්ත්වයක් මතුව තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්