වෛද්‍යවරුන් ඇතුළු ඉහළ වෘත්තිකයින්ගේ ආදායම් බදු අයකිරීමේ ප්‍රතිශතය අඩුකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව දැනට අය කෙරෙන 24%ක ප්‍රතිශතය 12%ක් දක්වා අඩුකරන ලෙසයි ඒ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී වෛද්‍යවරුන් ඇතුළු ඉහළ වෘත්තිකයින්ගෙන් අය කළේ 12%ක බදු ප්‍රතිශතයක් බව පවසා ඇති පාදෙනිය මහතා එය 24%ක් දක්වා ඉහළ දැමුවේ යහපාලන රජය විසින් හෙයින් එය නැවතත් පෙර තත්වයටම ගෙන එන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙම ඉල්ලීම කර තිබුණේ ඊයේ (25) අග්‍රාමාත්‍යවරයා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
කෙසේවෙතත් වත්මන් රජය බලයට පැමිණි මුල් අවස්ථාවේදීම ලබාදුන් විශාල බදු පැකේජයේදී ද උපයනවිට බද්ද අහෝසි කිරීමෙන් ඉහළ වෘත්තිකයින්ට සහන සලසා තිබිණි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්