රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබේ.
රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (30) නිකුත් කෙරුණි.
වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 20 වනදා අමාත්‍ය මණ්ඩල තීරණය කළේය.
මීට පෙර රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වු අතර එය පසුගිය වසරේ දි 61ක් දක්වා දීර්ඝ කර තිබුණි.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය පහතින්
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ