හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළිත් කොරෝනා මර්ධන කාර්ය සාධක බළකායේ රැස්වීම්වලට කැදවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
අනිල් ජාසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කල වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරුවලින් ඉවත්කර ඇත්තේ කුමන පදනමකින්දැයි හේෂා විතානගේ මන්ත්‍රීවරයා විමසූ ප්රශ්ණයකටද අමාත්‍යවරිය පිළීතුරු ලබා දුන්නා.
හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට උසස් වීමක් ලෙස ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බවයි පිළිතුරු දෙමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බව ද මෙහිදී අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට කියා සිටියා.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තනතුර පුරප්පාඩු වී සිටිය අවස්ථාවේදී බවයි.
මේ වන විට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කොට තිබෙන නිසා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බවයි අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්