කොවිඩ් වෛරසය පාලනය වී තිබුණ ද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුලු පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන බැවින් එහි කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වුණා.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ ස්ථාවර නියෝග අනුව මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේ දී නව කතානායකවරයා තෝරා පත්කර ගැනීම සහ නව මන්ත්‍රිවරුන් දිවුරුම් දීම සඳහා සියලු මන්ත්‍රිවරුන් සභා ගර්භය තුළ සිටීම අත්‍යවශ්‍ය වන බවයි.
අනතුරුව ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය මන්ත්‍රිවරුන්ට තීරණය කළ හැකි බව මහලේකම්වරයා පැවසුවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්