පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනය දක්වා කල් දමා තිබෙනවා.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝගය ලබාදුන් අතර නිතිපතිවරයා වෙනුවෙන් නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණය නියම කළා.
අවිධිමත් රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට වරදකාරිය කරමින් වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා පසුගියදා නියෝග කළා.
මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ඇයගේ නීතීඥයන් විසින් මෙම නඩු තීන්දුව දුන් දිනයේදීම ඇප ඉල්ලීම සිදුකළ අතර ඒ සම්බන්ධ අභියාචනය සලකා බැලීම අද දක්වා කල්තැබීමටයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවල මහතා පසුගිය සිකුරාදා තීන්දු කලේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ‍්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්