ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරඟාවලියේ පැවැත් වූ තුන්වන එක්දින තරඟයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 291 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Aaron Finch ලකුණු 62 ක් , Travis Head ලකුණු 70 ක්, Alex Carey ලකුණු 49 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ජැෆ්රි වෙන්ඩෙසේ කඩුලු 3 ක්, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 49 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 137 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟ 2 ට 1 ක් ලෙස ජය ගනිමින් තරඟාවලියේ පෙරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවුණා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති