ශ‍්‍රී ලංකාවට වර්තමානයේ දී සහාය ලබා දීමේ හැකියාවක් නොමැති බව මෙරට ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා පවසා තිබෙනවා.
ඔහු ඒ බව පවසා ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් කොළඹ දී හමු වූ අවස්ථාවේ දී යි.
මෙරටට ලැබෙන මූල්‍යාධාර නිසිලෙස කළමනාකරණය නොවීමේ අවධානමක් පවතින බැවින් ජපන් රජයේ සහාය හිමි නොවන බවයි ඔහු පවසා ඇත්තේ.
කෙසේ නමුත් පසු කාලීනව පවතින තත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සහාය ලබා දීමට කටයුතු කළ හැකි බව ද ජපන් තානාපතිවරයා සදහන් කර තිබෙනවා.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්