ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF ප්‍රසාදය

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපීපෙනෙන ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ප්‍රසාදය පළකර තිබෙනවා.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ මේ පිළිබඳව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බවයි.

ආයෝජන ආකර්ෂණය වැඩිකර ගැනීම හා ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම පිළිබඳව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කළ බව ඇය පවසනවා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවේ දී අවදානය යොමුකළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සිය එක්ස් ගිණුමේ සටහන්කර ඇත්තේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com