ශ්‍රී ලංකාව එක් දින ක්‍රිකට් ලෝක ශූරතාව දිනා අදට වසර විසිහයක් සම්පූර්ණ වනවා.
අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේ පකිස්ථානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැති විල්ස් ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ප්‍රබල ඔස්ටේ්රලියාව පරාජය කරමින් එම එෛතිහාසික ජයග්‍රහණය වාර්තා කළා
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්රලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 241ක්
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු දෙකක් තුළදී කඩුලූ 3ක් පමණක් දැවී ඉලක්කය පසුගරයාම සමග ලාංකිකයන් ප්රමුඛ ආසියානුවන් ඔල්වරසන් නඟමින් විජයග්‍රහණය සමරනු ලැබුවා
එම අවසන් මහ තරගයේ නොදැවී ශතකයක් ලබාගත් උප නායක අරවින්ද ද සිල්වාට තරගයේ වීරයා සම්මානය හිමි වුණා.
1996 වසරෙන් පසු එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි කිහිපයකදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද එක් දින ලෝක කුසලානය දිනා ගැනීමට සමත්ව නැහැ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්