ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින තත්ත්වය තුල ප්රචණ්ඩත්වය දැඩිව හෙළාදකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙසයි.
මැයි 9 වනදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමෙන් පසු ප්රචණ්ඩ ක්‍රියා උත්සන්න වීම සහ පසුව ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි මිෂෙල් බැෂෙලේ මහත්මිය කියා සිටියේ.
සියලූ ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හෙළාදකින අතර සියලූම පහරදීම් පිළිබඳ පුළුල් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් ආරම්හ කරන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව සමග ඓතිහාසික සම්බන්ධතා ඇති අසල්වැසියෙකු ලෙස මෙරට ප්රජාතන්ත්රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කර තිබෙනවා.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයන් ට අනුකූලව ඉන්දියාව කටයුතු කරන බවයි.
පළමුව අසල්වැසියා යන ප්‍රතිපත්තිය අනූව මෙරට ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාවයන් ගෙන් මිදීමට මේ වසර තුළදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.5ක සහාය ලබාදී ඇති බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්