සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග 3 කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 62 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199 ක් ලබා ගනිමින්.
ආරම්භක කඩුල්ල සඳහා රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන් ලකුණු 111 ක සබදතාවක් ගොඩ නැගුවේ කිෂන් ලකුණු 89ක් සහ රෝහිට් ලකුණු 44ක් ලබා ගනිමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.
චරිත් අසලංක නොදැවී ලකුණු 53 ක් රැස් කළා.
ඒ අනුව තරග 3 කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි