එක්සත් රාජධානිය ප්රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව අදාළ වාර්තාව ඊයේ (03) දිනයේ ඉදිරිපත් කර ඇත.
එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන් ය.
පසුගිය වසරේ ශ්රී ලංකාවේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්රියා කලාපය මෙම වාර්තාව මගින් ඇගයීමට ලක් කර තිබේ. ඉඩම් ආපසු ලබාදීම, සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදි ප්රශංසාව පළ කර තිබේ.
සියලු පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශ්රී ලංකා රජය කැපවී සිටින බව එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
More Stories
ලංකාවේ අනාගතය පිළිබඳ සුබ ආරංචියක්
තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
ජනවාරි මාසයේ ශ්රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්