සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරඟය අද (19) පැවැත්වෙනවා. ඒ අනුව තරඟය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරඟයක් ලෙස පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස සම තත්ත්වයට පත්ව ඇති අතර මෙම තරගය ජය ගනිමින් තරගාවලියේ පෙරමුණ ගැනීමේ අපේක්ෂාවෙන් කණ්ඩායම් දෙකම අද තරඟයට පිවිසෙනවා. වනිඳු හසරංග මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්