සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය හෙට (14) ආරම්භවීමට නියමිතයි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
හෙට තරඟය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර විස්සයි විස්ස තරඟාවලියේදී විවේක ගන්වා සිටි වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් හෙට තරගය සඳහා කැඳවා තිබෙනවා.
කෙසේ නමුත් හෙට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි සඳහන් වන්නේ.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි