බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය.
මෙම තරගයේ පළමු ඉනිම සදහා බංග්ලාදේශ පිල ලකුණු 365ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිළ පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 506ක් රැස්කර ගැනීමට සමත් විය.
අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි බංග්ලාදේශ පිලට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණියි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 28ක පහසු ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකා පිල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 29ක් රැස්කර ගනිමින් බංග්ලාදේශ සමග පැවැති දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට සමත් විය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි