ඔස්ටේ්රලියානු කණ්ඩායමේ එළඹෙන ශ්රී ලංකා සංචාරයේ දී ක්රියාත්මක කිරීම සඳහා වන ශ්රී ලංකා ක්රිකට් ආයතනය කළ යෝජනාවක් ඔස්ටේ්රලියානු ක්රිකට් ආයතනය ප්රතික්ෂේප කර තිබෙනවා.
ඒ, සීමිත පන්දුවාර තරඟ වෙනුවට පළමුව ටෙස්ට් තරඟාවලිය පවත්වන ලෙස කර තිබූ යෝජනාවයි.
ඉන්ධන හිඟය හා බලශක්ති අර්බුදය හමුවේ ටෙස්ට් තරඟාවලිය පළමුව පවත්වා සීමිත පන්දුවාර තරඟ පැවැත්වීම සඳහා යම් කාලයක් ලබාගැනීමේ අරමුණින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් අදාළ යෝජනාව ඔස්ටේ්රලියාව වෙත ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව සීමිත පන්දුවාර තරඟ පවත්වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී අවසන් තීරණයක් ගන්නා බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කලේ.
එම සීමිත පන්දුවාර තරඟ දිවා තරඟ ලෙස පැවැත්වීමට බොහෝ දුරට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.
ජූනි හා ජූලි මාසවල දී පැවැත්වෙන මෙම තරඟාවලියට 20යි 20 තරඟ 3 ක්, එක්දින තරඟ 5 ක් හා ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්