ඕමානයේ පැවැත්වෙන ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම් අතර අද (24) පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30ට Al Amerat ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.
මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ද අද (25) ප.ව. 7.00ට පැවැත්වෙන අතර, එම තරගය මෙහි ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත් ඉන්දීය A කණ්ඩායම හා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර පැවැත්වේ.මෙම තරගාවලිය අවසන්වරට ඉකුත් 2023 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැති අතර, එවර ශූරතාව දිනාගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් විය.ආසියානු වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය ලෙස 2013 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය 2020 වසරේදී ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙසින් වෙනස් විය.
මේ සඳහා ආසියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල් ඔවුන්ගේ ‘ඒ’ කණ්ඩායම් ඉදිරිපත් කරන අතර, අනෙකුත් රටවල් ඔවුන්ගේ ජාතික කණ්ඩාම් ඉදිරිපත් කරනු ලබයි.මේ දක්වා පැවැත්වූ අදියර 5න් ශ්‍රී ලංකාව දෙවරක්ද (2017,2018), පාකිස්තානය දෙවරක්ද (2019, 2023) හා ඉන්දියාව එක් වරක්ද (2013) ශූරතාව දිනා ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි