ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය තරඟ ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ, ඔස්ටේ්රලියාව සමඟ නිමා වූ දෙවැනි 20 යි 20 ක්‍රිකට් තරඟයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය අවසන් වන විට තවත් පන්දුවාර දෙකක් ඉතිරිව තිබූ බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුවයි තරඟ තීරක රංජන් මඩුගල්ල මහතා විසින් මෙම දඩ මුදල නියම කර ඇත්තේ.
පසුගිය 8 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේ පැවැති අදාළ තරඟයෙන් ඕස්ටේ්රයාව කඩුළු 3 ක තියුණු ජයක් වාර්තා කළා.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 තරඟය අද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
පළමු තරඟ දෙකම ජය ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විටත් තරඟාවලියේ ජය තමන් සතුකරගෙන අවසන්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි