ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කෙටි කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමකින් කැඳවීමක් ලැබී තිබේ.
ඒ අනුව ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ තරග තුනක් සඳහා ඔහු යෝර්ක්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඉන් පළමු තරගය බ්‍රහස්පතින්දා නොර්ත්ඇම්ටන්ෂයර් කණ්ඩායම සමග පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,620ක් රැස්කර ගෙන සිටින දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත ලැයිස්තුවේ 5 වන ස්ථානයේ පසුවෙයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි