ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
පැතුම් නිශ්ශංකගේ පිටකොන්දේ ඇතිව තිබෙන ආබාධයක් සුව නොවීම ඊට හේතු වී ඇත.
එම ආබාධය හේතුවෙන් පැතුම් නිශ්ශංකට ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරවාලිය ද අහිමි විය.
නිශ්ශංක පූර්ණ සුවය නොලැබීම හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයටත් ඔහුගේ නම ඇතුළත් කර නොතිබිණි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මැයි 15 සිට මැයි 27 දක්වා බංග්ලාදේශයේ චිතගොං සහ ඩකාහි දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි