ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය බංග්ලදේශයේ මීර්පූර්හී ශ්රේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී අද (23) ආරම්භ වීමට නියමිතයි.
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මේ තරඟාවලියේ පළමු තරඟය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, මෙම තරඟය ජය ගනිමින් තරඟාවලි ජය වාර්තා කිරීමේ අරමුණින් දෙපිලම අද තරඟයට එක් වනු ඇති.
තරඟය පැවැත්වෙන ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වැඩි වාසිදායක ක්‍රීඩාංගණයක් වන අතර, මින් පෙර එහි ක්‍රීඩා කර ඇති තරඟ 3ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
මෙම ක්‍රීඩාංගණයේ ඉහළම ඉනිමේ වාර්තාව ද ශ්‍රී ලංකා කණ්ඩායම සතු වනවා.
ඒ 2014 වසරේ බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ඉනිමේදී කඩුළු 6ක් දැවී රැස් කර ගත් ලකුණු 730ක් සමඟින්.
එම තරඟයේදී ශ්‍රී ලංකාව ඉහළම ජය වාර්තා කර ඇත්තේ ඉනිමකින් සහ ලකුණු 248කින්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි