කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙක් කොවිඩ් -19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.
ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.
අද පෙරවරුවේ සිදුකළ PCR පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබෙන බවයි ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ.
එම ආසාදිත පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගතකර තිබෙන බවද එම නිවේදනයේ සඳහන්.
වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්