ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කිරීමට තවම එහෙම තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පක්ෂ මුලස්ථනයේදී පැවැත්වූ අතර එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසී ය.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“පළාත්සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වය ඉල්ලලා සෑහෙන පිරිසක් අයඳුම්පත් එවලා තියෙනවා. ඒ වගේම අපි දැනුම් දෙනවා මෙයට කැමති අයට අයඳුම් එවන්න කියලා. ඒ නිසා පළාත්සභා මැතිවරණය සඳහා සුදානම් වීම තියෙනවා. අයඳුම්පත් ගන්න මාසයක කාලයක් තිබුණත් විශාල ප්‍රමාණයක් අපිට ලැබිලත් තියෙනවා. ඒ අනුව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.“
එම රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා පැවසූවේ ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්