ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දේශපාලනඥයින් 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කුමන්ත්‍රණය කළ ආකාරයෙන්ම නැවතත් වත්මන් රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට සූදානම් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැඟී සිටිය යුතු බව ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු වන ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
“එදා දයාසිරි ජයසේකර අපේ සහෝදර ඇමතිවරයා පොදුජන පෙරමුණට හා රජයට කරපු විවේචනයේ දිගුවක් තමයි තමුන්නාන්සෙලා අනුරාධපුරයේදී දැක්කේ.
ඒ හින්දා හොඳින් මතක තියාගන්න, අපි ගොඩනගපු ආණ්ඩුවක් මේක. ඒ ගොඩනගපු ආණ්ඩුවේ අපට විරුද්ධ වෙච්ච, යහපාලනයත් එක්ක දීග ගියපු, තමුන්නාන්සෙලා විනාශයට අරගෙන ගියපු කණ්ඩායම්වලට නැවතත් මේ ආණ්ඩුව කඩා බිඳදාන්න ඉඩ දෙනවද නැද්ද කියන කාරණාව අපි තීන්දු කරන්න ඕනෙ. ඒ හින්දා අවුරුදු 5ක් ඒ ආණ්ඩුවේ ඉඳලා ඒ වැඩේත් නොකර මේ ආණ්ඩුවෙන් පාර හදද්දී ජනතාව උද්ඝෝෂණ වලට ගේන්න කටයුතු කරනවා. මෙන්න මේවා තමයි අපි අවධානය යොමු කළයුතු ප්‍රශ්න.
අපි දේශපාලන පක්ෂයක් හෑල්ලුවකට ගන්නවා නෙවෙයි, හැබැයි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ හදනවා නම් 2015 අපෙ ආණ්ඩුව ඇතුළෙම ඉඳලා එදා මහින්ද රාජපක්ෂ මහත්තයාට එරෙහිව කරපු කුමන්ත්‍රණය නැවතත් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කියන නායකයින් දෙන්නාට එරෙහිව ක්‍රියාත්මක කරනවා නම් අපි ඊට විරුද්ධව නැඟී සිටිය යුතුයි කියන එකයි මං මේ කියන්න හදන්නෙ.
මට පේන විදියට මේ හදන්නෙ තීරණාත්මක මොහොතක් ආවාම 2015 කරපු දේ ඒ විදියටම නැවතත් කරන්නද කියන සැකය අපට එන්නෙ නැද්ද ?” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති රැස්වීමක් අමතමිනි. අනුරාධපුර, රන්පත්විල හන්දිය ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් පෙරේදා දිනයේදී ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර එම මාර්ගය පිළිසකර කිරීමට සියල්ල සූදානම් කර තිබියදී අදාළ උද්ඝෝෂණය ශ්‍රීලනිපයේ අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලනඥයකු විසින් මෙහෙයවා ඇති බවට ඒ මහතා එහිදී චෝදනා කළේය.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්