ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණීමේදී, එක් වරකට උඩමළුවේ රැදී සිටීමට හැකි බැතිමතුන් සංඛ්‍යාව 200 කට සීමාකර තිබෙනවා.
එම බැතිමතුන් තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ලියාපදිංචි විය යුතු අතර, තමන් නිරෝධායනයට ලක් නොවූ අයෙකු බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් ලිපියක් රැගෙන ඒමද අනිවාර්ය වනු ඇති.
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන සියලූම මාර්ග ආවරණය වන පරිදි පැය 24 පුරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෙදවීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් කොවිඞ් කමිටුව ජනතාවට දැනුම් දෙන්නේ.
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන අගහරුවාදාට යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කලා.
පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඩුව රැගත් රිය පෙරහැර ලබන සඳුදා පෙරවරුවේදී ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් නල්ලතන්නිය මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය ඔස්සේ වැඩම කර උඳුවප් පොහොය දිනයේදී ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කිරීමට නියමිතයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්