එළඹෙන 18 වනදායින් ආරම්භ වන ශ්රී පාද වන්දනා සමය පිළිබඳ නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්රික් ලේකම් මාලනී ලොකුපෝතාගම විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මඟින් නවාතැන් ගන්නා ස්ථාන, වාහන ගාල් කරන ස්ථාන, වෙළඳාම ආදී අංශ ගණනාවක් සඳහා බලපැවැත්වෙනු ඇති.
ඒ අනුව, පළාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉදිකටුපාන යන විශ්රාමශාලා නවාතැන් ලෙස භාවිතා කළ යුතු වන අතර තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.
එමෙන්ම පළාත් පාලන ආයතන මගින් හඳුනාගෙන ඇති ආරක්ෂිත ස්ථානවලදී හැර දිය නෑම හෝ රෙදි සේදීම නොකළ යුතු අතර, වාහන ගාල් කිරීම සඳහාද අදාළ ආයතන මගින් නිර්දේශ කළ ස්ථාන වල සිදු කළ යුතු බවයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක් කළ බව තහවුරු කෙරෙන කාඩ්පත වන්දනාවේ යෙදෙන බැතිමතුන් ළඟ තබා ගත යුතු අතර ශ්රී පාද මළුව තුළ නවාතැන් නො ගෙන වන්දනා කොට නික්ම යා යුතු බවයි එම නව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්