ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 1500ක පිරිසක් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ (V.R.S.) අවස්ථාව සැලසීමට පාලන අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් 7000ක පමණ පිරිසක් සේවය කරනු ලබනවා.
දැනට මාස තුනක පමණ කාලයක සිට ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ආයතනය විශාල ලෙස පාඩු ලබා තිබෙනවා.
මේ නිසා වියදම් අඩු කිරීමේ අරමුණින් සේවක පිරිස අඩු කිරීම සඳහා සඳහා ආයතනය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව එහි සේවකයන්ට වන්දි ලබාගෙන කැමැත්තෙන් විශ්‍රාම ගැනීමේ අවස්ථාව ලබාදීමට පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට