ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීම පිණිස ඉන්දියාව විසින් හදිසි පදනම මත ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරුව ආදී ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම පැකේජය සකස් කරන බවයි එහි සඳහන් වන්නේ. එසේම මෙරට තුළ ඉන්දීය ආයෝජන ප්‍රචලිත කිරීම මෙහි තවත් අරමුණක් බවයි Economic Times වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ රැකියා ව්‍යාප්තියට දායක වන විවිධ ක්ෂේත්‍රවල ඉන්දීය ආයෝජන සඳහා පහසුකම් සැලසීමට තීරණයවී ඇති බවයි Economic Times වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂද පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්