ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මමත වුණා.
ඒ සඳහා විපක්ෂව ඡන්ද 11ක් ලැබී ඇති අතර පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 22ක් ලැබී තිබෙනවා.
මෙහිදී ඉන්දියාව ද ඇතුලුව රටවල් 14ක් ඡන්ද විමසීමෙන් වැළකී සිටියා.
ආජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, කෝටෙිඩිවෝරේ, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාර්ෂල් දූපත්, මෙක්සිකෝ, නෙදර්ලන්තය, පෝලන්තය, කොරියානු ජනරජය, යුක්රේනය, එක්සත් රාජධානිය සහ උරුගුවේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
යෝජනාවට විරුද්ධව බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පකිස්ථානය, පිලිපීනය, රුසියානු, සමූහාණ්ඩුව, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසුවේලාව ඡන්දය භාවිත කළා.
එමෙන්ම බහරේන්, බර්කිනා පාසෝ, කැමරූන්, ගැබොන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටේනියාව, නැමීබියාව, නේපාලය, සෙනෙගාලය, සුඩානය සහ ටෝගෝ රාජ්‍යය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.
ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුයේ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව විසින්.
සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඒ පිළිබද ඡන්ද විමසීම ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, යෝජනා රැසක් න්‍යාය පත්‍රවලට ඇතුළත් කිරීමේ ගැටළු හේතුවෙන් එය අද දක්වා කල්ගියා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව