ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා.
මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත බැවින් එය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රි 9ට පමණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය අමතනු ලැබුවා.
ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්නා ලෙසයි එහි දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ.
මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ද දිනේෂ් ගුණවර්ධන මහතා සාමාජික රටවලින් ඉල්ලීමක් කලා.
මෙවර සැසිවාරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ මධ්‍ය ගත රටවල් කණ්ඩායම වන මහා බි්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිග්‍රෝ රාජ්‍ය, උතුරු මැසඩෝනියාව, සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්