ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු දිනයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30 ට ආරම්භ වූ පළමු තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ සීන් විලියම්ස් පන්දු 87කදී ශතකයක් රැස් කළ අතර, රෙගීස් චකබාවා ලකුණු 72ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 3ක් සහ නුවන් ප්‍රදීප් මෙන්ම ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් ලබා ගත්තා.
සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 296ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවට ඔවුන් ලබාදුන් ඉලක්කය ලකුණු 297ක්.
මෙම තරඟයේදී වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක චාමික ගුණසේකර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මංගල එක්දින වරම් දිනා ගත්තද, ඔහුට යොමු කිරීමට හැකියාව ලැබුනේ එක් පන්දු ඕවරයක් පමණයි.
ඒ, ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
දක්ෂ ලෙස පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්