සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 47 කට සීමා කළා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 225 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 38 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිති හරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කයක් සඳහා ඔසවා තැබූ භාණුක රාජපක්ෂ ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඉන් අනතුරුව පන්දුවට පහරදුන් චරිත් අකලංක ලකුණු 24 ක් ලබාගත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 14 ක්, මිනෝද් භානුක ලකුණු 7 ක්, චාමික කරුණාරත්න ලකුණු 03 ක්, අකිල ධනංජය ලකුණු 5 සහ ධනංජයද සිල්වා ලකුණු 2 ක් ලබා ගත්තා.
කෙසේ නමුත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරගය තරග දෙකට එකක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි