බ්‍රිතාන්‍යයේ බීබීසී ආයතනය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරගාවලියකින් මෙරට 11 හැවිරිදි දරුවෙකු සහ ඡායාරූප ශිල්පිනියක් සුවිශේෂී ඇගයීමක් හා ජයග්‍රහණ ලබා ඇත.
bbc wildlife photographer of the year 2021 යන වනජීවී ඡායාරූප තරගාවලියේදී 11 හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ සහ බුද්ධිනීද සොයිසා ප්‍රදර්ශන මට්ටමට හා ජූරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.
මෙම තරගාවලිය සඳහා වනජීවි ඡායාරූප පනස් හත් දහසක් පමණ ඉදිරිපත් කර ඇති අතර, ජූරිය විසින් ඉන් ඡායාරූප 1000 ක් තෝරාගෙන ඇත.
එම ඡායාරූප අතරින්ද තෝරාගත් සුවිශේෂී ඡායාරූප පහ අතරට ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ විසින් යවන ලද ‘Lockdown chicks’ නමැති ගිරවුන්ගේ ඡායාරූපයත්,බුද්ධිනී ද සොයිසා ගේ ‘A Great Swim’ ඡායාරූපයත් විශේෂ ඇගයීමට ලක්ව තිබේ.
මීට පෙර මෙවැනි ජයග්‍රහණයකට හිමිකම් කියනු ලැබූවේ පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධනය. ඒ 2002 වසරේදීය. ඒ අනුව ශ්‍රී ලංකාව සුවිශේෂී ජයග්‍රහණයකට හිමිකම් කියනු ලබන්නේ වසර නමයකට පසුවය.
උරග විද්‍යාඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහගේ සහ නෙතූ වික්‍රමසිංහගේ දෙවන පුත්‍රයා වන්නේ ගගන මෙන්ඩිස් වික්‍රමසිංහය. ගගන සිය ඡායාරූපය ගෙන ඇත්තේ ඉකුත් වසරේ (2020) නිරෝධායන ඇඳිරිනීති සමයේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 10 කි. සිය නිවස ඉදිරිපිට වූ දිරාපත් ගසක බෙනයක සිටින පැටවුන්ට ගිරා මවක් ආහාර කවන අයුරු ගගනගේ ඡායාරූපයෙන් දැක්වේ.
ගගන කුඩා කල සිටම සිය පියාගේ මග යමින් පරිසරයට මහත් ඇල්මක් දක්වන්නේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි