සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟය ලකණු 184 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 254 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 55 ක් සහ චරිත් අසලංක ලකුණු 52 ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 70 ක් පමණයි.
පන්දු යැවීමේදී ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 4 ක් සහ දුෂ්මන්ත චමීර හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 ක බැඟින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟාවලිය තරඟ 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි