2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙස අහිමි විය.
ඒ, ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ලෝක කුසලාන මූලික වටයේ තේරීම් තරගය අත්හැර දැමීම හේතුවෙනි.
එම තරගය සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, අප්‍රිකානු කලාපයේ මතුවී ඇති නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එම තරගය අවලංගු කර තිබේ.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ඊයේ (27) දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග කිරීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණි.
ඒ අනුව 2022 දී නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි නොවෙයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි