දකුණු අප්‍රිකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14ක විශිෂ්ට ජයක් හිමිවිය.
ඒ අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.
කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ් අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කළේය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ 03වන ශතකය වාර්තා කිරීමට සමත් විය.
අවිශ්ක ලකුණු 118ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 286ක් පමණි.
තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි