මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය කඩුළු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 44 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Colin Ackermann ලකුණු 11 ක් ලබාගත්තා. වනිඳු හසරංග සහ ළහිරු කුමාර කඩුළු 3 බැඟින්, මහේෂ් තීක්ෂණ කඩුළු 2 ක් සහ දුෂ්මන්ත චමීර 1 කඩුල්ලක් දවාගෙන ඇති අතර නෙදර්ලන්ත කණ්ඩායමේ Max O’Dowd දුවද්දී දැවීයාමකට හසු වුණා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 33 ක් හා චරිත් අසලංක ලකුණු 6 ක් ලබා ගත්තා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි