ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය අද (08) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන්පවසනවා.
නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මිය යන විට එම බිළිදාට දින 20ක් බවයි වාර්තා වන්නේ.
කොළඹ – තොටළඟ ප්‍රදේශයේ දින 20 ක් වයසැති එම බිළිඳා දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණා.
එම බිළිඳා දැඩිලෙස නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිටි බවත්, පසුව සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් තහවුරු වී ඇත්තේ එම බිළිඳාට කොවිඩ් වැළඳී ඇති බවත් සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
එම බිළිඳා අද (08) මියගොස් ඇති අතර බිළිඳාගේ මව්පියන්ට කොවිඩ් ආසාදනය වි නොමැති බව PCR පරීක්ෂණවලින් අනාවරණ වි ඇති බව රෝහල් බලධාරීන් පැවසුවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග