නවසීලන්තය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු කාන්තාව වනුෂි වෝල්ටර් .ඇය පසුගිය නවසීලන්තය මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.ඒ අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩ්න්ගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින්. වයස අවුරුදු 39 ක් වූ ඇය වෘත්තීයෙන් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක්.
ඇය ඊයේ දින නවසීලන්ත පාර්ලිමේන්තුවේ දී සිය මංගල කතාව පැවැත්වූවා.විශේෂත්වය වන්නේ දෙමළ සහ සිංහල බසින් ද කතා කළ ඇය සාරියකින් සැරසී සිටීමයි.ආයුබෝවන් කියමින් ඇය මංගල කතාව ආරම්භ කළා. ඇයගේ මාමා වූ රිචඩ් සොයිසා 1990 දී එවකට ශ්‍රී ලංකාවේ රජය විසින් ඝාතනයට ලක් කළ බවත් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ බවත් ඇය සිය කතාවේ දී ප්‍රකාශ කළා.”මානව හිමිකම” සියල්ලන්ටම අයිති බව ඇය සිංහල භාෂාවෙන්ම ප්‍රකාශ කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි