ඊයේ පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කළ දැනුම්දීමකින් පසු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඉල්ලා අස් වී තිබේ.
එලෙස ඉල්ලා අස්වූ ඩිව් ගුණසේකර මහතා , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වයට විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා යෝජනා කර ඇත.
මධ්‍යම කාරක සභාව ඒකමතිකව එම යෝජනාව ස්ථිර කළ බව පක්ෂය නිකුත් කළ නිවේදනයේ සදහන් වූ අතර නව යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වන ප්‍රධාන ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා පත්විය.
More Stories
පුංචි ඡන්දය මැයි 06
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ