ශ්‍රී ලංකාවේ හැත්තෑ හය වැනි අයවැය අද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.
කොවිඩ් නිසා මහත් අර්බුධ රැසකට මැදී වී සිටිය දී ජනතාව මෙවර අයවැය දෙස බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත්තේ, මෙම ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයයි.
මේ අතර, මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා 7.51%ක් වෙන් කර ඇති බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරනවා.
වසර 25ක් පුරාවට පැවති ගුරු – විදුහල්පති වැටුම් විෂමතාව විසඳීම මෙන්ම, මෙය ද ඓතිහාසික ක්‍රියාමාර්ගයක් බව යි සඳහන් වෙන්නේ.
මේ සඳහා රුපියල් කෝටි තුන් දහසක් වෙන කර ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළා
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට