ශ්‍රී ලංකාව තැබූ වාර්තාව

ජනගහනයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

එන්නත්කරණය සහ කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේෂණ ආයතනයක් වන “අවර් වර්ල්ඩ්“ ආයතනය උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකාව පසුගිය සතියේදී මෙරට ජනගහනයෙන් 13%ක් එන්නත්කරණයට ලක්කර තිබේ.

මෙහි දෙවන ස්ථානය ඉක්වදෝරයට හිමිව ඇති අතර එහි එන්නත්කරණයට ලක්කර ඇති ප්‍රමාණය ජනගහනයෙන් 12.5%ක් බව සඳහන් වේ.

තුන්වන ස්ථානය බෘෘනායි රාජ්‍යයටත්, සිව්වන ස්ථානය නවසීලන්තයටත් හිමිව තිබේ.

පසුගිය සතිය තුළ කියුබාව 11.2%ක් එන්නත්කරණයක් සිදුකර ඇති අතර දකුණු කොරියාව 9.4%ක් එන්නත්කරණය සිදුකර ඇති බව “අවර් වර්ල්ඩ්“ ආයතනය පෙන්වාදෙයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com