අල් කයිඩා – ISIS ඇතුලු සංවිධාන 11 ක් ශ්‍රී ලංකාව තුළ තහණම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි. එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහාමදියා සංවිධානය සහ දාරුල් අදර් ජමි උල් අදර් සංවිධානය මෙලෙස තහනම් කර ඇත. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ISIS සංවිධානය, අල් කයිඩා සංවිධානය, සේව් ද පර්ල්ස් සංවිධානය සහ සුපර් මුස්ලිම් යන සංවිධානද තහනම් සංවිධාන අතරට අයත්වේ. මෙම සංවිධාන වල සාමාජිකත්වය ලබා ගැනීම, ඒවායේ සාමාජිකයන් සමග ගණුදෙනු කිරීම, එවැනි සංවිධාන ප්‍රවර්ධනය, සාමාජිකයන්ට රැකවරණය දීම, මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම හෝ කිසියම් ගණුදෙනුවක නිරතවීම වැනි කරුණු මේ අනුව තහනම් කර තිබේ. එම නියෝග කඩ කරන කිසියම් අයෙකු වෙතොත් වසර 10 ත් 20 ත් අතර සිර දඩුවමකට ලක් කල හැකිය. එමෙන්ම එවැනි සංවිධානවල සාමාජිකයන්ගේ චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කිරීමටද හැකි බව අති විශේෂ ගැසට් නිවේදනයේ සදහන්වේ.
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත සංවිධාන 11 ක් තහනම්

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට