බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් කිරීම කෙරෙහි දෙරටේ ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ ඒ පිළිබදව තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි.
ලෝක ටෙස්ට් ශුරතා තරගාවලිය යටතේ ටෙස්ට් තරග 3කට සහභාගිවීම සදහා බංග්ලදේශ කණ්ඩායම ලබන ඔක්තෝබර් මසදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
ජූලි මසයේ දී මෙම තරග සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි