“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව. මේ රට විදේශ ආයෝජන සඳහා විවෘතයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී තමා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු සමග කෙටි පිළිසඳරක නිරත වෙමිනි.
කොරියානු ජන රජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යයන්හි නව තානාපතිවරු ජනාධිපතිතුමා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූහ.


More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්