මහින්දනන්ද අලූත්ගමගේ නඟන චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති පවා අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට නැගුණු විවිධ චෝදනා මෙන්ම ICCය විසින් පැනවූ තරඟ තහනම් පිළිබද යළි යළි මතක් කරමින් ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් දූෂිතම රට බවට හුවා දක්වමින් විවිධ ප්‍රවෘත්ති හා ලිපි පළවීම රටට කළු පැල්ලමක් දැනටමත් ඒක්කර අවසන්….
වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පාවා දුන්නේ යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ නඟන චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ මගින් ඉල්ලා ඇත්තේ 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙසයි.
මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සති 02 කට වරක තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරල ලෙසද ලේකම්වරයා දැනුම්දී තිබෙනවා.
2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන් බව ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා (18 වැනිදා) ප්‍රකාශ කළා. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් වුණා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයකුට අනුව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ විමර්ශන ඒකකය මගින් හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශයක් පටිගත කරනු තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා කියා සිටිනවා.
මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රීඩාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී නව පනතක් සම්මත කර ඇති බවයි.
“ඔහු ළඟ තියෙන සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත්, එහි දූෂණ මර්ධන ඒකකයට සහ ආරක්ෂක ඒකකයටත් බාරදිය යුතුයි. එවිට ඒ ගැන වඩාත් හොඳ විමර්ශනයක් කළ හැකියි“ යයි 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා වශයෙන් කටයුතු කළ කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුණා.
2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් පන්දු 88 කදී නොදැවී ලකුණු 103 ක් ලබාගත් මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඡන්දය ළඟ ළඟම එනවා නේද ?….. ජෝකර්ලා වැඩ පටන් අරන් වගේ…. සාක්කි හෝ නම් කෝ…?“ යනුවෙනි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්