ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලයක සිට පවතින ධීවර අර්බුදය උග්‍ර අතට පත්ව තිබේ.
ඒ අනුව කච්චතිව් මුහුදු තීරයේ තමන්ට ධීවර කටයුතුවල නිරත වන ලෙස ඉන්දීය ධීවරයින් යළිත් වරක් ඉල්ලීම් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මීට අදාළව රාමේෂ්වරම් හි යාන්ත්‍රික බෝට්ටු ධීවරයින් පිරිසක් ආරම්භ කළ උද්ඝෝෂණය අද (19) දිනයේදීත් ක්‍රියාත්මක වේ.
එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ කච්චතිව් මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට මධ්‍යම රජයෙන් සහ ප්‍රාන්ත රජයෙන් අවසර ලබාදෙන ලෙසය.
අනුව එම උද්ඝෝෂණය ඊයේ (18) දිනයේ දී ආරම්භ කෙරුණු අතර එය සතියක් පුරා ක්‍රියාත්මක කිරීමට එම ධීවරයින් සැලසුම් කර තිබේ.
එමෙන්ම පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රාවලට සුදුසු වූ වන්දි මුදලක් ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.
මේ අතර ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස තමිල්නාඩු පොලීසිය එරට ධීවරයන්ට දැනුම් දී තිබේ.
එලෙස නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළහොත් ප්රහාරයන් එල්ල විය හැකි බවට තමිල්නාඩු පොලීසිය ඉන්දීය ධීවරයින් ට පවසා ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්